Friday, August 31, 2018

හොර සල්ලි

## නැව් කථා 3 ##
නැව් කථා ලියූ කාල පරාසය ලග වැඩිඋවත් අද මේ කතන්දරය ලියා දමන්නට සිතුනේ අද දින අප චීනයෙන් පිටවීමට ඇති නිසාය.අපගේ ගමනාන්තය වන්නේ සවුදි අරාබියේ වරායකි. මහ මුහුදට ගිය පසු මුහුණු පොතට එබෙන්නට නොහැකිය.අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බැවින් මිල ඉතා අධිකය.ඉදින් අනිත් සියලුම ඇප් ඩිසේබල් කර ඉමෝවෙන් පමනක් නිවෙස්වලට කථා කිරීමට අප සියලු දෙනා හුරුවී ඇත.

    සවුදිය බලා ගමන් මගේ අපහට බාධක දෙකක් මුණගැසේ.ඉන් පළමුවැන්න මේ දිනවල තායිවාන මුහුදේ ඇති ""මාරියා "" සුලි කුණාටුවයි.දෙවැන්න නම් රතු මුහුදු සීමාවේ ඇති සෝමාලි මංකොල්ලකරුවන්ගෙන් ඇති තර්ජනයයි.එයට විසදුමක් ලෙස ගාල්ල වරායෙන් සන්නද ආරක්ෂක භටයන් කිහිපදෙනෙක් නෞකාවට ගොඩ වනු ඇත.

      නැව් කථාවෙන් අද කියන්නට සැරසුනේ වෙනත් නෞකාවක ලාන්කික නැවියකුට සිදුවු
අසා ඇති සිද්ධියකි.නයිජීරියාවේ ප්‍රධානම වරාය වන්නේ ලාගෝස් වරායයි. නයිජීරියාවේ පමනක් නොව බොහෝ අප්‍රිකා රටවල යාත්‍රා කිරීම බොහෝ කරදර සහිත කටයුත්තකි.ඒ ගැන සමූහයේ ඇති නැවියන් සාක්ෂි දරනවා ඇත.ලාගෝස් වරාය තුලදී බොහෝ වෙලදුන් නෞකාවට ගොඩවේ.අත් ඔරලෝසු, ලැප්ටොප්,අයිවරි ආදී මෙකී නොකී බොහෝ දේ රැගත් ඔවුන් ඒවා විකුණන්නේ කන්ටේනර් වලින් පැන්නූ හොර බඩු ලෙසිනි.
 
    ලැප්ටොප් එකක් රැගෙන ඇති වෙළෙන්දෙකු එය ඩොලර් 500ක මුදලකට විකුනා ඇත.ඒ කාලයේ ලැප්ටොප් යනු මිල අධික භාණ්ඩයකි. පරිගණකය කිසිම දෝෂයක් නැත.පරිගණකය විකුනා පිටව ගිය වෙළෙන්දා පැයකින් පමණ පසු කලබලයෙන් නැවත පැමිණි ඔහු පවසා ඇත්තේ රේගු නිලධාරීන් නෞකාව පරීක්ෂා කිරීමට එන බවත් හොරබඩුවක් වූ පරිගණකය ඔවුන්ට හසූවූවොත් ඔහුට ප්‍රශ්නයක් වන නිසා නැවත එය ලබා දෙන ලෙසත්ය.අප්‍රිකානු වරාය නිලධාරීන් ගැන හොදින් දන්නා නාවිකයාද පරිගණකය නැවත භාරදී ඇත්තේ මුදල්ද නැවත ලබාගනිමිනි.පසුව හෙළිවී ඇත්තේ වෙළෙන්දා නැවත ලබා දී ඇත්තේ හොර ඩොලර් නෝට්ටු බවයි.එවිට අශ්වයා පැනගොස් අවසන්ය.

  පහත ඡායාරූපයේ ඇත්තේ දකුණු අප්‍රිකාවේ රිචර්ඩ්ස් බේ වරාය ආසන්නයේදී රලු කාලගුණය නිසා ගිලී ගිය එම්.වී ස්මාර්ට් නම් නෞකාවයි.ඉන්දීය කාර්යමණ්ඩලයක් සේවයේ යෙදී සිට ඇති අතර සියලු දෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබුණි.

6 comments:

  1. නැව්වල විතරක් නෙමෙයි ඔහොම හදිස්සියට ගණුදෙනු වෙන ගොඩක් තැන්වල වෙන්නෙ හොර සල්ලි වලට අහුවෙන එක.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත,හැම තැනම හොරු

      Delete
  2. ඇයි බන් අපේ අයියලත් මැණික් ගල් එහෙම කියලා රවට්ටලා එක එක ඒවා විකුණනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං,හැමතැනම හොරු

      Delete