තමිලිනී
මුලු ඇගම තෙත්වුනේ පොඩි පුතුගෙ ලේ වලින්
ඌ ගියේ ඉස්කෝලේ අද උදේ සුදු ඇදන්
ඇයි උන්ට ගිණි බින්දේ මාවතේ මග ඉදන්
තමිලිනී උන් දන්න නිජබිමක් නෑ ඉතින්
හේන කරවෙලා යනකොට ඉර රැසින් දැවීගෙන
අපි තුන් දෙනා හිටියෙ ලුණු කැඳත් බෙදාගෙන
බාලසුන්දරම් මල්ලිත් ඊයෙ කඩේ ලග වැටීගෙන
කිව්ව දුක ඇහැව්වා මම දුකත් දරාගෙන
මායිමලු දෙකේ ඇල උන් කිව්වා ඔරෝගෙන
උබ හිටියෙ ඒ පැත්තෙ ඒත් මෙහෙ බලාගෙන
පොඩි එකා අඩනකොට උබේ අතේ එල්ලිගෙන
මායිමක් තිබුන්නෑ අපිට එකයි ඒ බඩගින්න
කලු උනත් උබේ පැන්චා සීදේවි පොඩි එකා
මගේ එකත් ඒ වයසේ ඌ දගයි වගේ යකා
ඒ උනත් ඌ හැදුවේ බඩට වේලක් නොකා
තවත් බෑ මට ඉන්න නැතුව මගෙ පොඩි එකා
තමිලිනී
මායිමක් ඕන නෑ ඇලෙන් මෙගොඩට වරෙන්
මේ ඉමත් ඕන නෑ ඒ ටිකත් උබ ගනින්
එකම එක උන්ඩෙකින් මගේ හිතත් හිල් කරන්
පොඩි එකා ලග මාව වල දමා හිනැහියන්...
දැන් ලියමු තර්ජිනී ගැන..
ReplyDeleteඔව් නේද බං
Delete