Sunday, August 26, 2018

නිවාඩුව

දවසක නිමාව උඹලට හරිස්චන්ද්‍ර උනාට අපේ ස්ටෝරිය වෙනස්ය 😑
කථාව ඇරඹුනේ ස්පාඤ්ඤ මිදි යුෂ බෝතල් කිහිපයකිනි.
කථාවේ මැද හරියට උත්තේජනය ඕස්ට්‍රේලියානු බීර  වලිනි.
කථාව අමුම අමු සින්හලයකු වූ මම ,යුරෝපීය ජාතිකයන් දෙපලක් සහ අපේ එවුන් හතරදෙනෙකුය.

ඉතින් ඒක  අන්තර්ජාතික ස්ටෝරියකි.

ඌ නිවාඩුවට ගෙදර යන්නට ලගය

"So how are you going to spent your vacation bro?"

ඒ ප්‍රශ්නය මගෙන් සුද්දාටය. .

Now in Europe the weather is shit. Raining all day.it's very good though.
Because I already orderd some sativa (සතීවා යනු මොනවාදැයි නුඹලා දන්නවා ඇතැයි සිතමි )from Netherlands. So me and my girlfriend will smoke everyday and have some fun.when winter comes we will go to Austria for ice skating.will be fun.

ලංකාවෙ උන් දෙන්නෙකුත් හිටියා.මම ඇහුවා තොපි මොකද කරන්නෙ නිවාඩුවට ?
අයියේ ගේ හදනවා.ස්ලැබ් එක දාගන්න ඕන.පොඩි එකා ස්කෝලේ දාගන්න දුවන්න ඕන.
ටයිල් ටික ගන්නත් ඕන.අලුතෙන් කඩයක් හදනවා.ඒකෙ වැඩ කෝටියයි.වත්ත සුද්ද කරලා පොල් පැල ටිකක් හිටවන්නත් හිතන් ඉන්නවා.ගිහින් පොඩි බිස්නස් එකක් පටන්ගන්නත් ඕන.

උන්ගෙයි අපෙයි නිවාඩුව.😀😀
(ඉන්ගිරිසිය ගැන කමා කරන්න.)

8 comments:

  1. ලියාගන ලියාගන ලියාගන යන්ඩ

    ReplyDelete
  2. ඒ මිනිස්සු නිවාඩුව නිවාඩුවේ අරගන්නවා. අපි ඒකෙත් පණ දාගෙන වැඩ. හැබැයි රටේ දියුණුවක් නම් නෑ. මොකද ඒ?

    ReplyDelete
    Replies
    1. අපි නිවාඩුවක් ගත්තොත් මාසයක් බඩගින්නේ

      Delete
  3. වෙනසට හේතුව අපේ ජීවන තත්වය ඉතාම පහළයි. ඒ වගේම සාමාන්‍ය ජීවත් වීමේ ජීවන වියදම ඉතාම ඉහළයි.

    අපේ රජයන් සිතා සිටින්නේ සතුටු වීම විනෝදය යනු අනවශ්‍ය හෝ සුඛෝපභෝගී කාරනා කියායි. අන්න ඒ නිසා ඔවුන් ඒවායේ මිල ඉතා ඉහලින් පවත්වා ගන්නවා බදු හා වෙනත් නොයෙකුත් ක්‍රම හරහා.
    ඒ නිසා අපිට විනෝද වීමට නම් සැහැල්ලුවෙන් විවේක ගන්නට නම් අති විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි හැකි හැම මොහොතකම මුදල් හොයන්නටත් අනාගතයේදී සප විඳින්නට බලාපොරොත්තුවෙන් වත්මන කැප කරන්නටත් පෙළැඹී සිටිනවා.

    අපි පව් !

    ReplyDelete
    Replies
    1. අපි පව් තමා සෑහෙන්න

      Delete
  4. ඇත්ත කතාව :D
    දිගටම ලියමු. ජය වේවා

    ReplyDelete
  5. ස්තූති සයුරී

    ReplyDelete
  6. මේ දෙපිරිස ඉන්නෙ අහසට පොළව වගේ ලෝක දෙකක, ඒ බව නොතේරෙන මිනිස්සුන්ව අපේ දේසපාලුවෝ සහ ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්න එවුන් තවත් අන්දවනව. අපේ නැති ලොකුකම් කිය කියා :(

    අපිට නිවාඩුවටත් ජිවිතේ ගැට ගහ ගන්න හැටි හිතන්න වෙනවා :)

    ReplyDelete