Monday, September 3, 2018

දෙවියොත් අහක බලන අපේ අසරන කම්

වැස්ස දවසක ඉස්සර
දරු පැටව් ටික ලංකර
තෙමෙන වහලෙන් බේර ගන්නට
අම්මා විදි දුක් කොච්චර

ඉර නැගෙන්නට ඉස්සර
හරක් බානත් එක්කර
අප්පච්චි හැලු දහඩියට බැරිවුණි
අවුලන්න ලිප ගින්දර

ඉගෙන ගන්නට දස්සම
තිබුනෙ නැතුවට වත්කම
අක්කා නෙලු මල් කාසි කෙරුමට
ගියේ කිරි වෙහෙර මළුවට

නෙලුම පරවිය දිනක් අලුයම තිස්ස වැව් දිය පත්ලෙක

කෙලෙස නොපෙනුණි කදිර සුරිදුණි
අපේ දුක් කද අඩවියේ
නුඹත් අප මෙන් අසරණව ඇති
සමහරක් විට දේවාලයේ....














6 comments:

  1. සුදු නෙලුම කො කෝ සොරබොර වැවේ
    මල් සුවඳ දුන් මහියංගනේ
    පුන් පෝය දා පාලෝස්වකේ
    මල් නෙලා විකිනූ පන්සලේ.

    ReplyDelete
  2. දෙයියො කොහෙද බං කතරගම

    ReplyDelete
    Replies
    1. කතරගම නෙවෙයි කොහෙවත් නෑ බං

      Delete
  3. ලස්සනයි ලස්සනයි නියමයි

    ReplyDelete